අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය(ජාතික පාසල)

ගලෙන්බිදුනුවැව

අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය(ජාතික පාසල)

පාසලේ ඉතිහාසය

16න් පහළ වොලිබෝල් (බාලිකා ) පළාත් තරගය

whatsapp-image-2023-03-28-at-17.18.05.jpeg
welcome.png

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනනායක මැතිතුමාගේ ගොවිජනපද ව්‍යාපාරයට අනුව ඓතිහාසික හුරුලුවැව ව්‍යාපාරයේ හුරුලු සිසිලස ලබමින් එහි දකුණු ඇලෙන් පෝෂණය වෙමින් පඩිකාරමඩුව නමින් 1953 වසරේ ගොවිජනපදයක් බිහි විය.  

ප්‍රදේශයේ දුවාදරුවන්ගේ නැණපහන් දල්වන්නට 1954 දුරුතු මස 04 වන දින එම්.කේ සිරිසේන නම් වූ විදුහල්පතිවරයාගේ නායකත්වයෙන් හා ගුරුවරියක් හා ගුරුවරයෙකු යන දෙදෙනකුගෙන් යුක්ත ඇදුරු මඩුල්ලකින් ද එක් ශාලාවක අකුරු කළ සිසුන් 48 දෙනෙකුගෙන් අමරණීය පඩිකාරමඩුව විදු මාතාව අධ්‍යාපනයේ ගමන් මඟ අරඹන්නට විය.  

විදුහලේ ආරම්භය ශිෂ්‍යා ලෙස ගුණතිලක ශිෂ්‍යයා නම් වූ අතර පළමු ශිෂ්‍යත්වලාභියා වුයේ ඊ.එම්. උභයසේන සිසුවා ය.පළමු සාමාන්‍ය පෙළ සමත් සිසුවා වූයේ යූ.බී. සිරිසේන ශිෂ්‍යා ය.  ප්‍රදේශයට මහත් කීර්තියක් ලබා දීමට සමත් වී ඇති විදු මාතාව 1964 දුරුතු මස 04 වන දින මහ විද්‍යාලයක් බවට පත් වීමෙන් පසු වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, නීතිඥයන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ගුරුවරුන් ආදී උගත් බුද්ධිමතුන් රටට දායාද කළ අප විදු මාතාව අමරණීය වූයේ අයිරාංගනී හේමලතා ශිෂ්‍යාව විවෘත කළ විශ්ව විද්‍යාල දොරටුව තුළින් එයට පා නැගූ උගත් සිසු පිරිස ඉහළ අගයක් සනිටුහන් කළ 1975 වසරේ දී ය.  

මෙලෙස වසරින් වසර ගොඩනැගුනු 1-C පාසලක් වන පඩිකාරමඩුව මහ විදුහල වර්තමානය වන විට කලා, වාණිජ, සෞන්දර්ය,පරිගණක, ක්‍රීඩා, විද්‍යා, කෘෂි විද්‍යා, ගෘහ විද්‍යා, මනෝ උපදේශන, මෙන්ම සුහුරු පංති කාමර, පුස්තකාල ආදී ඒකක මගින් දියුණු මට්ටමක් කරා ගෙන ඒමට වර්තමාන නියමුවානන් වන පී.ජී.සී.අයි.සේනානායක විදුහල්පතිතුමන් දැඩි වෙහෙසක් දරා ඇත. ශිෂ්‍ය ශිෂ්‍යවන්  950ක් හා ආචාර්ය මණ්ඩලය 44ක ප්‍රමාණයෙන අධ්‍යාපන ක්‍රියාවලිය නිරත කරවන මෙම පාසල 2021.07.11 දින අ/පඩිකාරමඩුව මහ විදුහල ජාතික පාසලක් ලෙස නම් කර ඇත.

ආරම්භ කළ වර්ෂය

1954 ජනවාරි 04

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

48

මුල් ගුරුතුමාගේ නම

එම්.කේ. සිරිසේන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පඩිකාරමඩුව  විදුහල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ගුණතිලක

ප්‍රථම ශිෂ්‍යයා භාරගත් වකවානුව

1954 ජනවාරි 04

ප්‍රථම ශිෂ්‍යත්වලාභියාගේ නම

ඊ.එම්. උභයසේන

ප්‍රථම සා/පෙළ සමත් සිසුවා

යූ.බී. සිරිසේන

පුථම විශ්වවිද්‍යාල ශිෂ්‍යාව

අයිරාංගනී හේමලතා

මහ විද්‍යාලයක් බවට පත් වූ දිනය

1964 ජනවාරි 04

ජාතික පාසල් බවට පත්වූ දිනය

2021 ජූලි 11