නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පී.පී.එස්.කේ.විමලසිරි
නෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. මෙම පාසල මා අකුරු කෙරෑ මුල්ම පාසල බැවින් පාසලේ අභිවෘධිය වෙනුවෙන් මා කටයුතු කරමි.
තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු හා නි. විදුහල්පති වශයෙන්,
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
.
පී.පී.එස්.කේ.විමලසිරි
නියෝජ්‍ය විදුහල්පති
අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය.






