අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය(ජාතික පාසල)

ගලෙන්බිදුනුවැව

අ/පඩිකාරමඩුව මහා විද්‍යාලය(ජාතික පාසල)

16න් පහළ වොලිබෝල් (බාලිකා ) පළාත් තරගය

whatsapp-image-2023-03-28-at-17.18.05.jpeg
welcome.png

විදුහල්පති පණිවිඩය

P.G.C.I. සේනානායක

21 වන සියවස නව බලාපොරොත්තුවක් සහ ශ්‍රී ලාංකිකයෙකු වීමේ සාඩම්බරත්වයත්, දැනුම පාදක ආර්ථිකය තුල අනාගත වැඩ ලෝකයට සුදුසු දැනුම,කුසලතා හැකියා ප්‍රදර්ශනය කල හැකි ඵලදායී හා සෞඛ්‍යමත් සතුටින් ජීවත් වන පුරවැසියෙක් නිර්මාණය කිරීම වත්මන් අධ්‍යාපනයේ ප්‍රමුඛ කාර්යභාර්ය වී ඇත.

Digital පාදක අධ්‍යාපන අවස්ථා ප්‍රායෝගිකත්වයට නැඹුරුව අධ්‍යාපන ක්‍රියාවලියේ ව්‍යුහාත්මක වෙනසක් තුලින් ජාත්‍යන්තර ඉලක්ක ජයගත හැකි මට්ටමට ලඟා නොවුන හොත් අනාගත ශ්‍රම වෙළදපල ශූන්‍ය ඉල්ලුමක් සහිත හිස් මුඩු බිමක් බවට පත්වනු ඇත. පරිපූරණත්වයට පත්වන සමෝධානිත පෞරෂයක් සහිත ගුණ නැණ සපිරි පුරවැසියන් බිහිකරන තක්ෂලාවක් ලෙස පාසලේ දරුවන්ගේ නිර්මාණ දායකත්වය සමගින් ඉදිරිපත්කරන වෙබ් අඩවියට හා සංස්කරණ මණ්ඩලයට (web Team) සුභ පතමි.

ග්‍රාමියත්වය නොසලකා පරිණත සාක්ෂරතාව වර්ධනය කෙරෙහි මෙය සෘජුවම පාසලේ දරුවන්ට තෝතැන්නක් වනු ඇත.අනාගත අභියෝග ජයගත හැකි ලෙසට ප්‍රායෝගිකත්වයට නැඹුරු වෙමින් විජය දූ දරුවන්ගේ තොරතුරු පිපාසය යම් මට්ටමකින් හෝ අඩුවීමට දරනු ලබන මේ උත්සහයට සුභ ප්‍රාර්ථනා කරමි.

 

P.G.C.I. සේනානායක
විදුහල්පති
අ/පඩිකාරමඩු මහා විද්‍යාලය.